මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දෙනාට ඇහුම්කන් දීම අපේ ප්‍රතිපත්තියයි

    අගෝස්තු 07, 2014
    සියලු දේශපාලන පක්ෂවලට ඇහුම්කන් දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙහිදී ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපතිතුමා වෙත භාර දී ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විවිධ චෝදනා එල්ල කළ අතර මේ වනතුරුත් නිල වශයෙන් කුමන පක්ෂයකින් හෝ එවැනි යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත භාර දී නොමැති බවත් එවැන්නක් ඉදිරිපත් වුවහොත් එ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා ඒ සඳහා පිළිතුරු දෙමින් පැවසීය.
     
    විදේශ සේවයේ දූත මණ්ඩල ප්‍රධානීන් පත් කිරීම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමා සතු බලයක් බවත් එය එසේ වුවත් එම සියලු පත්කිරීම් පාර්ලිමේන්තුවේ කමිටුවක් හරහා තීරණය කරන්නක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
     
    විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් මෙන් ම ජනාධිපතිතුමා විසින් ද විදෙස් දූත මණ්ඩල සඳහා නිලධාරීන් පත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සියලු පත්වීම් පාර්ලිමේන්තු කමිටුව අනුමත කරන බවත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya