මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික දර්ශකයන්ට අනුව සියඹලාණ්ඩුවේ දුගී බව අඩුවී තිබෙනවා

    අගෝස්තු 07, 2014
    ජාතික දර්ශකයන්ට අනුව සියඹලාණ්ඩුවේ දුගී බව අඩුවී ඇති බවත් මහින්ද චින්තනය යටතේ දුගී බව ඉහළ අගයක සිට පහළට පැමිණ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු‍ දෙමිනි.
     
    ජාතික දර්ශකය අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ දුගීබව 2005 - 2006 කාලයේ දී  33.02%ක් බවත් එම අගය 2012 - 2013 කාලයේ දී 6.04%ක් දක්වා පහළ බැස ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව හොඳම ප්‍රතිඵලවලින් දෙවැනි පළාත ඌව පළාත බවත් අධ්‍යාපන මට්ටම අනුව මොනරාගල දිස්ත්‍රික්කය ඉදිරියට පැමිණ ඇති බවත් වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya