මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජා.නි.පෙ. ක‍්‍රියාකාරි සැලැස්ම ජනපති පිළිගනී Featured

    අගෝස්තු 06, 2014
    ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනා 12ට අදාළ ක‍්‍රියාකාරී සැලැස්ම එතුමන් විසින් පිළිගෙන ඇති බවත් එම ක‍්‍රියාකාරී සැලැස්ම තුළ අඩංගු ක‍්‍රියාමාර්ග 26 ක‍්‍රියාත්මක වූ පසු රටටත් ජනතාවටත් ජයග‍්‍රහණ රැසක් ලැබීමට නියමිත බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
     
    අද (06) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.
     
    "පසුගිය මැයි 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැති අප පක්ෂයේ දෙවැනි ජාතික මහා සමුළුවේදී ජනාධිපතිතුමන් හා ආණ්ඩුව වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා. රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා සදාචාරමය ක්ෂේත‍්‍රවල පැන නැගි තිබෙන ගැටලු සැලකිල්ලට ලක් කරලා ඒ ගැටලුවලට විසඳුම් ලබා දෙන යෝජනා 12ක් තමයි අපි ඉදිරිපත් කරනු ලැබුවේ.
     
    එම යෝජනා 12 ජනාධිපතිතුමන් සහ එතුමන් පත් කරන ලද කමිටුව විසින් මීට ඉහතදී ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගනු ලැබූ බවත් එසේ ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමෙන් අනතුරුව, ඊට අදාළ ක‍්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිතුමා විසින් නම් කළ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා පූර්ණ වශයෙන් එකඟතාව පළ කෙරුණු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya