මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලට පිළිගත් දේශපාලන පක්ෂ 10කින් නාමයෝජනා Featured

    අගෝස්තු 06, 2014
    ඌව පළාත් සභා මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සමඟින් ස්වාධීන පක්ෂ 04ක් නාමයෝජනා භාර දී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය මෙලෙස නාමයෝජනා භාර දී ඇති පිළිගත් දේශපාලන පක්ෂ අතර වේ. 
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පෙළපාළි හෝ කලබලකාරී තත්ත්වයක් ඇති නොවු බව ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    DB/BH Dmu badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya