අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදාවෙන් පලාගිය සෙබළුන්ට ඉවත්වීමට හෝ යළි එක්වීමට අවස්ථාවක්

    අගෝස්තු 06, 2014
    යුද හමුදාවෙන් පලාගිය සෙබළුන්ට නීත්‍යනුකූල ලෙස යුධ හමුදාවෙන් ඉවත් වීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් නැවත සේවයට එක්වීමටත් අවස්ථාව ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    "නිසි ලෙස නිවාඩු නොගෙන පලාගොස් සිටින සෙබළුන්ට තමන්ට ඇති ආසන්නතම රෙජිමේන්තුවට වාර්තා කිරීමෙන් දඬුවමකින් තොර ව නැවත සේවය එක්විය හැකියි. ඒවගේ ම නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමේ අවස්ථාවද හිමිවනවා. මේ සියලු අවස්ථා නීතිවිරෝධි ක්‍රියාවන් සිදු නොකළ සෙබළුන්ට හිමි වන අතර ම වැරදි කළ සෙබළුන්ට නිසි දඬුවම් ලබාදීමෙන් පසු නැවත සේවයට එක්වීමට හෝ ඉවත්වීමට හැකියාව තිබෙනවා". 
     
    යුද හමුදා සෙබළුන්ට ලැබීමට ඇති සියලු හිමිකම් මෙලෙස සේවයෙන් ඉවත් වන සෙබළුන්ට ද හිමි වන බවත් පෙන්වා දුන් වනිගසුරිය මහතා සියලු ක්‍රියාවලීන් ප්‍රතිපත්ති මාලාවන්ට අනුව සිදුවන බවත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya