අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ ප්‍රධානී නාවික හමුදාපති හමුවේ

    අගෝස්තු 06, 2014
    ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණ ප්‍රධානී රියර් අද්මිරාල් Michael Noonan මහතා නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ (05) නාවික හමුදා මූලස්ථානයේ දී හමු විය.
     
    මෙහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. හොර බඩු ජාවාරම්කරණය හා නීතිවිරෝධි සාමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. 
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදු කලාපයන් හි සිදුවන නීතිවිරෝධි කටයුතු මැඬපැවැත්වීමට කටයුතු කිරීම මෙහිදී ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණ ප්‍රධානීවරයාගේ ඇගයීමට ලත්විය.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Robyn Mudie මහතා ද එක් විය.
     
    DB
     
    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya