අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්වරුන්ගෙන් 25%ක් මව්කිරි නොදීම ගැන සමාජ සමීක්ෂණයක් අවශ්‍යයි

    අගෝස්තු 06, 2014
    මව්වරුන්ගෙන් 75%ක ප්‍රමාණයක් මව්කිරි දීම සිදු කරනවා නම් අනෙක් 25%ක් මව්කිරි දීමට පෙළඹෙන්නේ නැත්තේ, ක්‍රියා නොකරන්නේ ඇයි කියන කරුණ පිළිබඳ විවිධ සමාජ සමීක්ෂණ හා තොරතුරු ලබාගැනීම අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය මෛතීපාල සිරිසේන මහතා පවසයි.


    පාසලක උසස් පෙළ දරුවන්ගේ සිට මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳවත් මවක් විදිහට ජීවිතය ආරම්භ කිරීම හා එහි අනාගතය පිළිබඳ මගපෙන්වීමක් පාසලෙන් ආරම්භ කරනවා නම් යහපත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය 01දා සිට හෙට (07) දක්වා සතිය "ජාතික මව්කිරි දීමේ සතිය" ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කරමින් ඊයේ (05) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. මව්වරුන්ගෙන් 25%ක් මව්කිරි දීමට ඇතුළත් නොවන්නේ නම් පොළඹවා ගන්නේ නැත්නම් මගපෙන්වීම හා දැනුවත් කිරීමේ කාර්යය වැදගත් වන්නේ කෙසේද කියා. මේ පිළිබඳ විවිධ සමාජ සමීක්ෂණ හා තොරතුරු ලබා ගැනීම අවශ්‍යයි. 

    මව්කිරි දීම ගැන ජනතාව දැනුවත් කළ යුත්තේ ඇයි? මව්වරු, පියවරු පමණක් නොව රටේ සමස්ත ජනතාව මේ ගැන දැනුවත් කළ යුතුයි. මේ පිළිබඳ ව අපේ රටේ මතු පරපුර විවාහයට පෙර දැනුවත් කිරීම ඉතා අවශ්‍යයි. අද පාසල්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් අංශ පිළිබඳ දැනුවත් කිරීම් සාකච්ඡා කරන විට ලිංගික අධ්‍යාපනය ගැන කථා කරන විට පාසල් ගුරුවරුන්ගෙන් මේ ගැන විරෝධතා මතු වේ. මව්කිරි දීම වැනි කරුණකදී විරුද්ධවීමට පුළුවන්කමක් නැහැ. පාසලක උසස් පෙළ දරුවන්ගේ සිට මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳ ව මවක් විදිහට ජීවිතය ආරම්භ කිරීම ගැන හා එහි අනාගතය පිළිබඳ මඟපෙන්වීමක් පාසලේ සිට කරනවා නම් ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

    අද නව තාක්ෂණයත් සමඟ සමාජය බොහෝ සේ පිරිහී තිබේ. සදාචාරාත්මක, හැදිච්චකම, විනයගරුක බව පිළිබඳ නව පරපුර හා කථා කිරීමේදී මෙවැනි විෂයක් ඇතුළත් කිරීමට විරුද්ධ වෙනවා නම් ඒ අයගේ මොළය අමාරුවක් ඇතැයි මා සිතනවා. අද සමාජයේ වයස අවුරුදු 15න් ඉහල ගත්තහම ජංගම දූරකතනය, පරිගනකය එක්ක බොහෝ වෙලාවක් තනිවෙච්ච අපේ දරුවන් ඇතැම් වෙලාවට යහපත් දේට වඩා අයහපත් දේට සොයා ගෙන යන සමාජ විකාශයක් දකිනවා. එම නිසා තාක්ෂණය තුළ සිරවී සිටින දරුවන් සැබෑ ලෙස අධ්‍යාත්මික ලෙස සමාජයේ ගුණ යහපත් දේ සමඟ සැබෑ මිනිසුන් ලෙස ජීවත්වීමේදී මවකගේ වටිනාකම හා මාතෘත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


    මේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය ෆිර්දෝසි රූස්ටම් මෙහෙතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කර්ණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, මාතෘ, ළමා හා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya