අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව පිළිබඳ ව පළ වු ලිපිය සම්බන්ධයෙන් කනගාටුවනවා

    අගෝස්තු 06, 2014
    ඉන්දීය රජය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ වු ලිපිය සම්බන්ධයෙන් කනගාටුව මෙන් ම සමාවද ඉල්ලන්නේ යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    එම ලිපිය අන්තර්ගතයේ මතභේදයට තුඩුදෙන ආකාරයේ තොරතුරක් අඩංගු නොවන බවත් එහි ඉන්දීය මධ්‍යම රජය පිළිබඳ වර්ණනාවක් ද අඩංගු බවත් පෙන්වාදෙන මාධ්‍ය ප්‍රකාශකවරයා පිංතූරය මගින් ලිපියේ අන්තර්ගතය ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසීය.
     
    මේ සම්බන්ධයෙන් මත පළකරන්නන් මෙන් ම උද්ඝෝෂණ කරන්නන් එහි අන්තර්ගත කරුණු හරිහැටි කියවා නොමැති බව කී ඒ මහතා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් ඉදිරියේ දී එවැනි දෙයක් සිදු නොවීමට කටයුතු කරන බවත් කීය.
     
    එම ලිපිය තුළින් ඉන්දීය මධ්‍යම රජයට අපහාසයක් නො ව අනතුරු හැඟවීමක් පමණක් සිදු කොට ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya