අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COPE අතුරු වාර්තාවන්ට එරෙහිව සාවද්‍ය චක්‍රලේඛයක්

    අගෝස්තු 06, 2014

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවන්හි ශ්‍රී ලංකා විගණකාධිපති ඉදිරිපත් කරන මත ප්‍රකාශ සාවද්‍ය බව සඳහන් වූ නිර්නාමික චක්‍රලේඛයක්, COPE විසින් විමර්ශනයට ලක් කෙරෙන වාණිජ හා වාණිජ නොවන ආයතන වෙත ලැබී ඇත.

     

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ ඊයේ (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී COPE සභාපති, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා වසින් මේ බව හෙළි කරන ලදී.

     

    COPE අතුරු වාර්තාවන්හි අන්තර්ගත වූ නිරීක්ෂණ, නිර්දේශ හා මත ප්‍රකාශ පිළිගැනීමට නොහැකි ප්‍රමිතියකින් තොර ඒවා බව මෙම නිර්නාමික චක්‍රලේඛයේ දක්වා ඇති බව ඩිව් ගුණසේකර මහතා මෙහිදී පැවසීය.

     

    මෙම චක්‍රලේඛය සාවද්‍ය බවත් COPE අතුරු වාර්තාවන්හි අඩංගු කරුණු, විගණකාධිපති වාර්තා හා කාර්යසාධනය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ප්‍රධාන කාරක සභාව හා අනු කාරක සභා විසින් අනාවරණය කරගත් කරුණු හා කාරක සභාවේ නිර්දේශයන් මත පදනම් වූ කරුණු බවත් ඩිව් ගුණසේකර මහතා අනාවරණය කළේය.

     

    විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයන් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජ්‍යාතන්තර විගණන ප්‍රමිතිවලට අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය විගණන සිදු කිරීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුරූපව ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස විගණකාධිපති විසින් ප්‍රකාශයන්ඉදිරිපත් කරනු ලබන්නේද අදාළ ආයතනයේ වත්මන් මූල්‍ය තත්වය ලාභඅලාභ සමඟ එකී ආයතනය හා අනෙකුත් තරගකාරී ආයතන ඇතුළු සමස්ත සමාජය දැනුවත් කරන පිණිස බැව් ඩිව් ගුණසේකර මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

     

    මෙම COPE අතුරු වාර්තාවන්ට එරෙහිව ඉදිරිපත් වූ සාවද්‍ය චක්‍රලේඛය පිළිබඳ සොයා බලා අදාළ පාර්ශවයන්ට එරෙහි නීතිමය පියවර ගැනීම‍ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත් ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් ඇති වුවහොත් එලෙසම නීතිමය පියවර ගන්නා බවත් ඩිව් ගුණසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya