අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    අගෝස්තු 06, 2014

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (06) කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 269.60ක් වූ අතර එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 289.86ක් විය.ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 264.00ක් වූ අතර, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 279.40 විය.


    ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 259.00ක් වූ අතර, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 268.33ක් විය.ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල්  254.00 ද  එහි පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 259.50ක් විය.

    ආර්.එස්.එස්. 05 වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී  මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 244.00ක් ලෙස සටහන් වී පැවතුණ අතර, පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 272.00 පැවතුණ බව සැලසුම් අධ්‍යක්ෂවරයා පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya