අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදවච්චිය පාසල් සංවර්ධනයට දෙකෝටි විසි දෙලක්ෂයක්

    අගෝස්තු 06, 2014


    ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධනය මුල් කොට ගනිමින් ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන “දොරින් දොරට ගමින් ගමට - ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක්” වැඩසටහන යටතේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් දෙකෝටි විසිදෙලක්ෂ හතළිස්නමදහස්අටසියදහයක (22,249,810) මුදලක් රජය මගින් වෙන්කර දී ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    මහජනතාවගේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය මගින් මැදවච්චිය ආසනය සඳහා මේ වසරේ දී ලබා දී ඇති රුපියල් ලක්ෂ 4470ක ප්‍රතිපාදන යටතේ මෙලෙස පාසල් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

    කෙසේ වුව ද එම ප්‍රතිපාදන යටතේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් නැංවීම සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් පමණක් වෙන් කිරීමට නිර්දේශ කර තිබුණත් ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, දෙමාපියන්, විදුහල්පතිවරුන් මෙන්ම කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු විසින් කලක් තිස්සේ කළ ඉල්ලීම් සලකා බලා නිර්දේශිත ලක්ෂ 60ට අමතරව රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හතළිස් නවදහස් අටසිය දහයක අමතර මුදලක් වෙන් කළ බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
     

    මෙලෙස අමතරව ලබා දී ඇති ප්‍රතිපාදන යටතේ දැනට ඉදිවෙමින් පවතින පූනෑව නව ද්විතීයක පාසල සඳහා රුපියල් ලක්ෂ 50ක් ද, කැබිතිගොල්ලෑව නව ප්‍රාථමික විදුහල් ගොඩනැඟිල්ල ඉදිකිරීම, ආරක්ෂිත වැට සහ විදුහල් භූමිය සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 39ක් ද ලබා දී තිබේ.    

                         

    එමෙන්ම මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්  තෝරාගත් පාසල් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැඟිලි ඉදිකිරීම, ආරක්ෂක වැට, විදුලිය, ක්‍රීඩාභූමි සකස් කිරීම, තූර්යවාදන උපකරණ වැනි පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල්වලින් කරන ලද ඉල්ලීම් සලකා බලා නොච්චියාගම විද්‍යාදර්ශ මහ විද්‍යාලය, තලාව හිරිගොල්ලාගම කණිෂ්ඨ විද්‍යාලය, තිරප්පනේ අමුනුච්චිය විද්‍යාලය හා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය යන විද්‍යාලයන්හි යටිතල පහසුකම් නැංවීමට ද රුපියල් හාරලක්ෂ පනස්දහසක මුදලක් ලබා දී තිබේ.
     
    අධ්‍යාපනය තවතවත් සංවර්ධනය කිරීමට මිස එය කප්පාදු කිරීමට වත්මන් රජය කටයුතු නොකර ඇති බව මෙමගින් තහවුරු වන බවත්, මැදවච්චිය ප්‍රදේශයේ පාසල් සංවර්ධනයට ප්‍රමාණවත් ලෙස මුදල් ලබානොදෙන බවට ජනතාව මුලා කරමින් පටු අරමුණු ඉටුකරගැනීමට උත්සහ දරන අන්තගාමීන්ට ද මෙය කදිම පිළිතුරක් බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    අදාළ රුපියල් ලක්ෂ 4470 ප්‍රතිපාදන යටතේ මැදවච්චිය ආසනයේ අඩු අදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නැංවීමට රුපියල් ලක්ෂ 600ක් වෙන්කර දී ඇති අතර, ඒ සඳහා මහජනතාවගෙන් මෙන්ම පළාත් පාලන නියෝජිතයන්ගෙන් ද අදහස් ලබාගෙන අදාළ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya