ඌව පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය වන අද (06) නීතිවිරෝධී ලෙස පෙළපාළි සංවිධානය කරනු ලබන පක්ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට එරෙහි ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 50දෙනෙකු යොදවා ඇත්තේ බදුල්ලට නිලධාරීන් 30ක් හා මොනරාගලට නිලධාරීන් 20ක් වශයෙනි. පෙළපාළි ඡායාරූප හා වීඩියෝගත කිරීම හරහා එම කණ්‌ඩායම්වලට නඩු පැවරීම ද සිදු කෙරෙනු ඇත. DB