මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ

    අගෝස්තු 06, 2014

    (sinhala.news.lk) අද (06) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya