මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන නගර කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    අගෝස්තු 06, 2014

    (sinhala.news.lk) අද (06) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ  ඇත.


    දිවයිනේ මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල, කොළඹ, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති වේ. රත්නපුරයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුරය සහ මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8°C මොනරාගලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1°C නුවරඑළියෙන් ද මි.මී. 71.5ක උපරිම වර්ෂාපතනය ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya