සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) රාජගිරියේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය තුළින් බිහිවන පුහුණු ශිල්පීන්ගෙන් 90%ක පිරිසක් රැකියාගත වන බව පෙන්වාදුන් සභාපතිවරයා සෙසු පුහුණු ආයතන හා සැසඳීමේ දී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු කිරීමේ ක්‍රමවේදය ඉතා වෙනස් බවත් පෙන්වා දුන්නේය.
මේ වන විට පෞද්ගලික ආයතන 4300ක් පමණ අපත් සමඟ පුහුණුකිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. තවත් වසරක් යාමට පෙර පුහුණු කිරීමේ පෞද්ගලික ආයතන ප්‍රමාණය 6000ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. සමහර ආයතන ශ්‍රමිකයන් පුහුණු කිරීමේ කටයුතු සිදු කළ හැකි බවත් දන්නේ නෑ. අපත් සමඟ සම්බන්ධ නොවී ඇති ආයතනවලින් ඉල්ලනවා අපත් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සිදුකරනු ලබන සියලු පුහුණු කිරීම් කටයුතු පන්ති කාමරයක් තුළ නොවන බව පෙන්වා දුන් ඒ මහතා ආයතන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු පාසල් බවත් පෙන්වා දුන්නේය.
"වර්තමානයේ දී ශ්‍රමයට මිලක් නැහැ. ශිල්පීන්ටයි මිලක් ඇත්තේ. කර්මාන්ත ශාලාවල වුවත් ශ්‍රමයට නොව ශිල්පීන්ටයි තැනක් ඇත්තේ".
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දින වකවානුවක් නොමැති බවත් සතියේ වැඩකරන දිනවලදී අධිකාරිය පැමිණ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
DB