මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියට අනුව ක‍්‍රියා කරන දර්ශකයේ ශ‍්‍රී ලංකාව ඉහළින්

    අගෝස්තු 05, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) ලෝක ජූරි සභික ව්‍යාපෘතියේ [World Justice Project’s (WJP)] පර්යේෂණ කණ්ඩායම විසින් සම්පාදනය කළ ලොව නීතියට අනුව ක‍්‍රියා කිරීමේ දර්ශකයේ (Rule of Law Index) ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර ප‍්‍රථම ස්ථානයට නම්කර ඇත.
     

    ලොව පුරා රටවල් අතුරෙන් ශ‍්‍රී ලංකාව 48 වන ස්ථානය හිමි කරගෙන සිටියි. ශ‍්‍රී ලංකාව නීතියට අනුකූලව ක‍්‍රියා කිරීම අතින් කලාපීය ජාතීන් අතර ප‍්‍රමුඛත්වයට පත්ව සිටින රටක් යැයි මෙම දර්ශකය සඳහන් කරයි.


    ලෝක ජූරි සභිකයින්ගේ ව්‍යාපෘතිය ජාත්‍යන්තර වශයෙන් සුප‍්‍රකට නායකයින් රැසක ගේ අනුග‍්‍රාහකත්වයෙන් පත්කළ ආයතනයකි. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලීන්  ඕල්බ‍්‍රයිට්, අයර්ලන්තයේ හිටපු ජනාධිපති මේරි රොබින්සන් සහ දකුණු අප‍්‍රිකාවේ සමාජ පුරෝගාමී ඩෙස්මන් ටුටූ බිෂොප්වරයා ද ලෝක ජූරි සභික ව්‍යාපෘතියේ ගෞරවනීය සභාපති තනතුරු දරති.

     
    ලොව නීතියට අනුව ක‍්‍රියා කිරීමේ දර්ශකයේ ප්‍රමුඛ රටවල් වන්නේ ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය හා සිංගප්පූරුවයි. 
     
    රටවල් 99 අතර ඉහළින් සිටින එක්සත් ජනපදය 19 වැනි ස්ථානය ලබා සිටින නමුත් අපරාධ නීතිය සම්බන්ධ වෙනස් කොට සැලකීම මත එය ප්‍රමුඛ ස්ථාන 10න් ඉවත්ව ඇත.
     
    මේ දර්ශකය බැගින් ලෝකය පුරා පවතින කුටුම්භ 100,000 පදනම් කරගෙන හා විද්වත් සමීක්ෂණ 2400ක් මත රටවල් 99ක නීතියට අනුව ක‍්‍රියා කිරීම දෛනික ජීවිතයේ දී ක්‍රියාත්මක වන ආකාරය සොයා බලයි.
     
    මෙම දර්ශකය ලොව සමහර රටවල් මිනිස් නිදහස ආරක්ෂා කිරීමට යොමු වන්නේත් ඇතැම් රටවල් ඊට සාපේක්ෂව පහළ මට්ටමක සිටින්නේත් ඇයි ද යන්න ගවේෂණය කිරීම විශ්ලේෂකයන් මගින් සොයා ගැනේ.
     
    එය ඒ වර්ගයේ විස්තරාත්මක ම දර්ශකය වන අතර ප්‍රාථමික දත්ත මත පදනම් වන එකම දර්ශකය වේ. නීතියේ ආධිපත්‍යයට අනුගත වීම තේමා 08ක් යටතේ වන දර්ශක 47ක් උපයෝගී කරගනිමින් තක්සේරු කරයි. රාජ්‍ය බලය වැළැක්වීම, දූෂණය නොමැති වීම, විවෘත ආණ්ඩුව, මූලික අයිතිවාසිකම් හා ආරක්ෂාව, රෙගුලාසි පැනවීම, සිවිල් නීතිය හා අපරාධ නීතිය, රටවල ලකුණු හා කුසලතා අනුපිළිවෙළට අමතර ව, ප්‍රධාන ගෝලීය සොයාගැනීම් කලාපීය ශක්තීන් පිළිබඳ විශ්ලේෂණයක්, නීතියේ ආධිපත්‍ය පිළිබඳ අභියෝග, හොඳම හා නරකම කාර්යසාධනය හා අවධානයෙන් සිටිය යුතු ප්‍රවණතා ද මේ දර්ශකයට ඇතුළත් කර ඇත.
     
    DB/HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya