මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ශ්‍රමිකයන්ගෙන් බිලියන 6ක ආදායමක්

    අගෝස්තු 05, 2014
    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක් ශ්‍රමිකයන් ලෙසින් විදෙස්ගත ව සිටින බවත් ඔවුන් හරහා වාර්ෂික ව ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට වැඩි ආදායමක් උපයාගන්නා බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) රාජගිරියේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    අවාසනාවකට මෙම පුහුණු ශ්‍රමියකයන්ගේ ප්‍රමාණයෙන් 65%ක ප්‍රමාණයක් නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය අවම කිරීමටත් ඉදිරියේ දී විදෙස් ශ්‍රමිකයන් හරහා ලබාගන්නා ආදායම ඩොලර් බිලියන 7ක් දක්වා වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නේය.
     
    2013 වසරේ නුපුහුණු හා අර්ධ පුහුණු ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය 44%කි. එය 2014 මේ වන විට 33%ක් දක්වා පහළ බැස ඇති අතර පුහුණු ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය වර්ධනය වී ඇත.
     
    ඉහළ වැටුප් සහිත වෘත්තීය අවස්ථාවන් රටේ තරුණ ප්‍රජාවට අවශ්‍ය තරම් හඳුන්වාදී ඇතැයි කී අමාත්‍යවරයා වෘත්තීය විශ්වවිද්‍යාල හරහා නව පාඨමාලා 28ක් හඳුන්වාදීමට කටයුතු කොට ඇති බවත් වෘත්තීය විශ්වවිද්‍යාල 3ක මේ වන විට එම පාඨමාලාවන් ක්‍රියාත්මක වන බවත් කීය.
     
    සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයෙන් අනතුරුව නිවස ඇතුළේ තිබුණු සාම්ප්‍රදායික සාකච්ඡා ක්‍රමයයට අලුත් මාවතක් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුනි.
     
    තාක්ෂණික ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගොඩනැගීම ජාතික අවශ්‍යතාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික මෙන් ම අන්තර්ජාතික වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ බලකායක් බිහි කිරීම සිදුකරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya