මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවට ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප තැන්පත් කරයි

    අගෝස්තු 05, 2014
    ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් 11ක් මේ වන විට සිය ඇප මුදල් තැන්පත් කොට ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    2014 ඌව පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අද (05) පස්වරු 12.00න් අවසන් විය. ඒ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් 07ක් හා බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 04ක් ඇප මුදල් තැන්පත් කොට ඇත.
     
    මේ වන විට එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් නාමයෝජනා භාර දී ඇත.
     
    ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම ජුලි 30 පෙරවරු 8.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කරන ලදී. නාමයෝජනා භාරගැනීම හෙට (06) පස්වරු 12.00ට අවසන් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya