මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ මහජන රැළි - පෙළපාළි තහනම්

    අගෝස්තු 05, 2014
    ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන කාලය තුළ ඌව පළාතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි තත්ත්වය පාලනය කරමින් ආරක්‍ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර සී. නන්ද මැතිව් මහතා බදුල්ල සහ මොනරාගල නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිඛිතව දන්වා ඇත.
     
    අ.පො.ස. උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වන අතර ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම සිදුකෙරෙන අවසන් දිනය අගෝස්තු 06 වැනිදා වේ. 
     
    මැතිවරණයකට අදාළ නාමයෝජනා භාරදීමේ කාලසීමාව තුළ දී මහජන රැලි, පෙළපාළි තහනම් වුවද එම අවසන් දිනය තුළ යම් ඝෝෂාකාරී තත්ත්වයන් වර්ධනය වීම පසුගිය කාලවකවානුව තුළ ද නිරීක්ෂණය වූ  බැවින් මෙවර ඒ පිළිබඳ ව වඩාත් සැලකිලිමත් වන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
     
    මැතිවරණ කොමසාරිස්වරයා, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා බදුල්ල දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya