මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිපුණතා අභිෂේක" 11දා

    අගෝස්තු 05, 2014
    අනාගත ශ්‍රී ලංකාවට තිරසාර අඩිතාලමක් දැමීමේ අරමුණු ඇතිව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හා හෝල්සිම් ලංකා සමාගම සංවිධානය කරනු ලබන "නිපුණතා අභිෂේක" පළමු පියවර ලබන 11 වැනි දා කුරුණෑගල මාලිගාපිටියේ දී පැවැත්වේ.
     
    මෙම උත්සවය යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙහිදී ඉදිකිරීම් ශිල්පීන් 500දෙනෙකු NVQ වෘත්තීය සුදුසුකම් සඳහා පරීක්ෂාවට ලක්කෙරෙනු ඇත. මෙය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධීක්ෂකවරුන් 60දෙනෙකුගේ අධීක්ෂණයෙන් සිදු වේ. මෙවැනි ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඇගයීමට ලක්වන පළමු අවස්ථාව මෙය වන අතර එමගින් මහජනතාවට වෘත්තීය සුදුසුකම් ලබාගැනීම සඳහා NVQ - RPL ක්‍රමය හඳුන්වාදීමක් ලෙස ද හැඳින්විය හැකිය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත නියෝජනය කරමින් දේශපාලන නායකයන් මෙන් ම හොල්සිම් සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya