මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාග්ධන වෙළඳ පොළ සමුළුවක් ඔක්තෝබර් 09 කොළඹදී

    අගෝස්තු 04, 2014

    ප්‍රාග්ධන වෙළඳ පොළ සමුළුවක් (Capital Markets Conference), කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සුරැකුම් පත් හා විනිමය කොමිසම (SEC) සමඟ එක්ව ඔක්තෝබර් 09 වෙනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී (Cinnamon Lakeside Hotel) පැවත්වීමට කටයුතු සංවිධානය කරයි.

     

    ජාත්‍යන්තර අරමුදල් කළමනාකරුවන්ට, සංස්ථායික ආයෝජකයින්ට හා ඉහළ ශුද්ධ විදේශ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජන විභවය පිළිබඳ පෙන්වා දීම මෙම සමුළුවේ අපේක්ෂාවයි. ලෝක විද්වතුන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජන විභවය අධ්‍යයනය කිරීම සඳහා මෙම සමුළුව සංසධිස්ථානයක් වනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ සංවර්ධක දර්ශකය දෙස ලොවම නෙත් දල්වා සිටින මෙවන් කාලවකවානුවක මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී අත්දැකීමක් වනු නිසැකය.

     

    මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයින්ට, නියාමකයින්ට, වෙළඳපොළ අතරමැදියන්ට මෙම ආයෝජක සමුළු‍වට සහභාගීවන ජාත්‍යන්තර විද්වතුන් හමු වී කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරනු ලැබ ඇති න්‍යායපත්‍රයට අනුව එකට එක රැස්වීම් පවත්වා අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීමටද හැකියාවක් ඇත.

     

    සමුළුව අවසාන‍යේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදීමට විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන, දැකුම්කළු දූපත් හා වෙරළ තීරයන් ඇතුළු මනරම් භූමි දර්ශන හා සංස්කෘතික උරුම ඡායාරූපකරණය සඳහා අවස්ථාවක් උදා කරනු වස් විශේෂ සංචාරයක් ද සංවිධානය කර ඇත.

     

    ශ්‍රී ලංකාව විසින් ලෝ පුරා වෙසෙන පුද්ගලික ආයෝජකයින්ට, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ මූල්‍යමය ආයතන, සංවිධානවලටද මෙම සමුළුවට පැමිණ එම සුවිශේෂී අත්දැකීම ලබාගන්නා ලෙස විවෘතව ආරාධනා කරයි.

     

    http://www.capitalmarketconference2014.com වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya