මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු සංවාදය දෙසැම්බර් මාසයේ දී

    අගෝස්තු 04, 2014
    ‘ගාලු සංවාදය - 2014‘ අන්තර්ජාතික සමුළුව "සමුද්‍රීය සහයෝගිතාවය උදෙසා සෞභාග්‍ය" යන තේමාවෙන් දෙසැම්බර් 01 සහ 02 දිනවලදී ගාල්ලේ දී පැවැත්වේ.
     
    ගාලු සංවාදය 2014 ('Galle-Dialogue - 2014') වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත මුදාහැරීම පසුගිය දින නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. www.galledialogue.lk හරහා ගාලු සංවාදය අන්තර්ජාතික සමුළුවේ සියලු තොරතුරු ලබාගත හැකිය.
     
    කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම සංවාදය 2010 වසරේ දී මුල්වරට ආරම්භ විය. 
     
    ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. 
     
    DB
     
    1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya