මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා ඉන්දියා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගත යුතුයි

    අගෝස්තු 04, 2014
    ශී‍්‍ර ලංකාව සමඟ පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත යුතු බවත් දෙරට අතර පවත්නා ඓතිහාසික සබඳතාවන් තවතවත් වර්ධනය වන අයුරින් දෙරටම නව ආර්ථික සංවර්ධන මාවත් ඔස්සේ ඉදිරියට පියවර තැබිය යුතු බවත් ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා පැවසීය.
     
    ඊයේ (03) කොළඹ දී පැවති ශී‍්‍ර ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයේ දී අදහස් පළරමින් ඉන්දිය මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. 
     
    ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට වසර 14ක් සපිරෙන මෙම අවස්ථාවේදී දෙරටේ ආර්ථික හා වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බව පෙන්වා දෙන සිංහා මහතා දෙරටේ ආර්ථික අභිවෘද්ධියට මෙම ගිවිසුම හේතු වු බව ද පෙන්වා දුන්නේය.
     
    ශී‍්‍ර ලංකාවේ සියලු වෙළෙඳ පාර්ශවකරුවන් අතර ඉන්දියාව වඩාත්ම සමගාමී වෙළෙඳ සබඳතා පවත්නා රට බව ද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. 
     
    ශී‍්‍ර ලංකාව ඉන්දියාවේ ඉහළ ම තෙවැනි අපනයනකරුවා වන බව පෙන්වා දෙන සිංහා මහතා එය සමස්ත ඉන්දීය අපනයනයෙන් 5.2%ක් බව ද වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    DB/ priu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya