මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කිරි නිපැයුම නැංවීමට මිල්කෝ නවීකරණයට Featured

    අගෝස්තු 04, 2014

    2016 වර්ෂය වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව යමින් රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා මේ වන විට කර්මාන්ත තුනක් කඩිනමින් නවීකරණය කිරීමට මිල්කෝ සමාගම කටයුතු යොදා ඇති බව මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    මෙහිදී සභාපතිවරයා තවදුරටත් පැවසුවේ, මිල්කෝ සමාගමට ලැබෙන කිරි ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙනවා. අපට අයිති කිරි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු දැන් පැය 24 පුරා ක්‍රියාත්මක කරනවා. මේ වන විට කිරි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් පොලොන්නරුව, අඹේවෙල, දිගන යන කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සිදු කෙරේ. ඒ අනුව මෙම කර්මාන්ත ශාලා අලුත් වැඩියාවත් සමඟ ම දැනට පවතින දිනක කිරි නිෂ්පාදන ධාරිතාව කිරි ලීටර් ලක්ෂ තුනක ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ හය දක්වා වැඩි කිරීමට හැකියාව ලැබේ.


    පොලොන්නරුව සහ දිගන කර්මාන්ත ශාලා තව මාස දෙකක් ඇතුළත සියලු ම නවීකරණ කටයුතු අවසන්  කිරීමට හැකි වන අතර, අඹේවෙල කර්මාන්ත ශාලාව ඉතා විශාල ව්‍යාපෘතියක් වශයෙන් සංවර්ධනය කෙරෙන බැවින් ලබන මස මුල වන විට එහි නවීකරණ කටයුතු සියල්ල අවසන් කිරීමට හැකිවේ. මෙම කර්මාන්ත ශාලා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2008 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, ඒ අනුව ව්‍යාපෘතිය යුරෝ මිලියන 33.8ක් වේ.

    මිල්කෝ සමාගම කිරි ගොවීන් හා ඍජු සම්බන්ධතා පවත්වන අතර, අතරමැදියා සම්පූර්ණයෙන් ම ක්‍රියාවලිය තුළින් බැහැර කර ඇත. එබැවින් ප්‍රතිලාභ ඍජුව ම කිරි ගොවියා අතට ලැබේ. ගොවීන් සඳහා මිල්කෝ සමාගම විවිධ සුබසාධක වැඩසටහන් දියත්කර තිබේ. කිරි පට්ටි ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට සමාගමට මේ වන විට හැකිවී තිබේ.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, "කිරි නිෂ්පානය නැංවීම සඳහා පශු සම්පත් අමාත්‍යාංශය හරහා මේ වසර අවසානය වන විට උසස් තත්ත්වයේ කිරි ගවයන් 5000ක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ දැනටමත් කිරි ගවයන් ආනයනය සිදු කෙරෙන බවයි. එමෙන් ම දිවිනැගුම ව්‍යාපෘතිය තුළින්ද ගොවීන් වෙත කිරි ගවයන් බෙදා දීම සිදු කෙරෙන බැවින් ඉදිරියේදී දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි වන බවද සභාපතිවරයා පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya