මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 06 Featured

    අගෝස්තු 04, 2014


    ඌව පළාතේ පළාත් සභා ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම මේ මස (06) අවසන් වේ.මෙවර ඡන්ද විමසීම සඳහා ඡන්ද විමසීම් රාජකාරිවල නිරත කරවනු ඇතැයි අපේක්ෂිත ඌව පළාතේ සියලු ම රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ස්වකීය ඉල්ලුම්පත්‍ර මේ මස 06 ඉකුත්වීමට පෙර අදාළ මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    කිසිදු ඡන්ද පොළ රාජකාරියක නියුතු නිලධාරියකුට කවර හේතුවක් මත හෝ ඡන්ද පොළ රාජකාරිවල යෙදී සිටින අවස්ථාවේදී විශේෂයෙන් ම ඡන්දය පාවිච්චි කිරීම සඳහා වෙනත් ඡන්දපොළකට යෑම සඳහා සේවයේ නියුතු ඡන්ද පොළෙන් බැහැරය යාමට ඉඩ දෙනු නොලැබේ.

    එමෙන් ම තැපැල් ඡන්ද අයදුම් නොකිරීම හෝ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වීම ඡන්ද විමසීම් රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවද මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පැවසීය.

    ඌව පළාත් සභා ඡන්ද විමසීම් රාජකාරිවල නිරත කරවනු ඇතැයි අපේක්ෂිත එම පළාත්වල පදිංචි සියලු ම නිලධාරීන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා පහසුකම් ලබා ගැනීමට ඉල්ලුම්පත් අප්‍රමාදව ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

    එමෙන් ම ඌව පළාතේ පළාත් සභා ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට හිමිකම් ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, තැපැල් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවයේ නියුතු තැනැත්තන් ද ස්විකීය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මස 06 ඉකුත්වීමට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya