මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආර්ථික සමුළුව හෙට, අනිද්දා

    අගෝස්තු 04, 2014
    ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික අංගයක් වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව හෙට (05) සහ 06 දෙ දින කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.  
     
    "ශ්‍රී ලංකාව 2020 ඩොලර් 7000 ඒක පුද්ගල ආදායම ඉක්මවා යාම කරා" යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත.
     
    බොස්ටන් කොන්සල්ටින් ග්රූප්හි ඉන්දීය ඒකකයේ ජ්‍යේෂ්ඨ හවුල්කරුවෙකු හා කළමනාකරණ අධ්‍යක්ෂ වන අල්පේෂ් ෂා (Alpesh Shah) මහතා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇමතීමට නියමිතව ඇත.
     
    අල්පේෂ් ෂා මහතා ව්‍යාපාරික සමුළුවේ "ආසියානු වෙළෙඳාම ව්‍යාප්ත වන විට ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථා" යන සැසියේ දී "කොළඹ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වශයෙන්" යන මාතෘකාව ඔස්සේ කතා කිරීමට නියමිතය.
     
    සංවාද මණ්ඩපයේ දී MJF හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් අධ්‍යක්ෂ මලික් ජේ. ප්‍රනාන්දු හා එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී හනින් යූ සුෆ් (Hanif Yusoof) ඒ මහතා සමඟ එක්වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya