අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසා සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිස ම නොව අන්‍යයන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය

    ඔක්තෝබර් 27, 2019

    සියලූ පුරාණෝක්ති, සම්ප්‍රදායන්, ආගමික පිළිවෙත් තුළින් ප්‍රමුඛව අවධාරණය කෙරෙනුයේ මිනිසා තුළ සහ සමාජය තුළ පවතින අයහපත නමැති අන්ධකාරය පළවා හැර යහපත නමැති ආලෝකය දල්වා ගත යුතු බව බව දීපාවලී උත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අන්ධකාරයෙන් ආලෝකයට, අයහපතින් යහපතට, වහල්භාවයෙන් විමුක්තියට ආදී වශයෙන් සෑම අංශයකින්ම පෞද්ගලිකව සහ පොදු සමාජයක් ලෙස අධ්‍යාත්මික විමුක්ති අරගලය ජය ගැනීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්හු පහන් දල්වා වත්පිළිවෙත් ඉටුකරමින් දීපාවලී උත්සවය සමරති.

    හින්දුන්ට වින කළ නරක අසුරයා පැරද වූ දිනය ලෙස ද, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ද දීපාවලී දින විශේෂයෙන් සිහිපත් කරනු ලබයි. මේ සියලූ පුරාණෝක්ති, සම්ප්‍රදායන්, ආගමික පිළිවෙත් තුළින් ප්‍රමුඛව අවධාරණය කෙරෙනුයේ මිනිසා තුළ සහ සමාජය තුළ පවතින අයහපත නමැති අන්ධකාරය පළවා හැර යහපත නමැති ආලෝකය දල්වා ගත යුතු බව ය.
    දීපාවලී පුද පිළිවෙත් හරහා තමා තුළ පවතින මමත්වය, තණ්හාව, ඊර්ෂ්‍යාව වැනි අකුසල් සිතුවිලි ඉවත් වී යහපත උදා කරගත හැකි බව හින්දු ධාර්මික විශ්වාසයයි. මනුෂ්‍යත්වය රජ වී සාමය, සමාදානය උදා වී මිනිසා සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිස ම නොව අන්‍යයන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය යන්න දීපාවලියේ ඉගැන්වීමයි. භේදබින්න වීමට දහසක් හේතු මතුවෙද්දී වුවද, ස්වකීය සිත් සතන්හි ප්‍රඥාලෝකය දුරු කර නොගෙන එක්සත්ව සාමයෙන්, සමඟියෙන් දිවිගෙවීම අප සැමගේ වගකීම බව සිහිපත් කරමින්, දීපාවලී සමරන සහෝදර හින්දු ජනතාවට මාගේ හද පිරි සුභාශිංසන පිළිගන්වමි.!

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya