අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ගාලු කථිකාව - 2019 '' ඔක්තෝබර් මස 21 සහ 22 වැනිදා ගාලුමුවදොර හෝටලයේ දී

    ඔක්තෝබර් 16, 2019

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේ දී ඔක්තෝබර් 21 සහ 22 වන දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ නාවික හමුදා මුලස්ථානයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
    ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 10 ක මෙන්ම ආරක්ෂක ක්‍ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03 ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විදවතුන් රැසකගේ සහභාගිත්සහභාගී වීමට නියමිත අතර, සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට ද නියමිතයි. එමෙන්ම, ප්‍රධාන දේශනය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් සිදු කෙරේ.

    “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයක් හට පිළියම් යෙදීම සඳහා සූදානම් වීම: දශකයක සමාලෝචනය” යන මැයෙන් මෙවර ගාලු කථිකාවහි තේමාව වී ඇත. මෙම සමුළුව මඟින් සමුළුව ලෝක නාවික හමුදාවන් හා සාගරික පාර්ශ්වකරුවන් හට කාලීන සාගරික ආරක්ෂක ගැටළු ඉදිරිපත් කිරීමටත්, සාකච්ඡා කිරීමටත් සහයෝගිතාවය හා සාමුහිකත්වය ගොඩනැඟීම සඳහාත් හොඳ අවස්ථාවක් වනු ඇතැයි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) රියර් අද්මිරාල් නිරාජ් ආටිගල මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.


    එමෙන්ම ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, එම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින තුළ එම සමුළුව සජීවීව නැරඹීමට ද, නාවික හමුදාව විසින් නිපදවන නාවික යාත්‍රා ආදිය මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමි වන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි. මේ සඳහා නාවික හමුදාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරී( මාධ්‍ය ප්‍රකාශක ) ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya