මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායල ප්‍රහාර බටහිර බලවතුන්ට හා මානව හිමිකම් සංවිධානවලට නොපෙනේ

    අගෝස්තු 02, 2014
    ඊශ්‍රායලය, පලස්තීන ජනතාවගේ හිස් මතට ගුවන් ප්‍රහාර එල්ලකර පොඩි දරුවන් විශාල වශයෙන් මියයන දසුන් ඔබාමා මහත්තයත්, බෑන් කී මූන් මහත්තයත්, බටහිර බලවත් රටවල් චිත්‍රපටයක් නරඹනවා සේ බලාගෙන සිටින බවත්, අපේ රටේ වන්නියේ මොකද වුණේ කියලා සොයන්න එන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සභාපතිතුමිය උන්නද මළාද කියා වත් ඊශ්‍රායල - පලස්තීන ගැටලුව හමුවේදී සොයාගන්න බැරි බවත් ඉදිකිරීම්, ඉංජිනේරු ස්‍වො, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 80කට අධික වටිනාකමින් යුත් මරදාන, සුලෝහිතපුර ජන සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 8 වන අදියර විවෘත කළ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (01) දින සහභාගි වෙමිනි.  
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන "ජන සෙවණ" නිවාස  හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව මරදාන, සුලෝහිතපුර  පිහිටි අවිධිමත් ජනාවාස, විධිමත් ජනාවාස බවට පත්කිරීමේ අරමුණෙන් මෙම මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ. නිවාස 16කින් සමන්විත මෙම මහල් නිවාස ව්‍යාපෘතිය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලැබ ඇත. මෙහි එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 51 පමණ වේ. මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 250ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැයකරනු ලැබ තිබේ.
     
    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  උප සභාපති ඒ.ඩබ්. දයානන්ද, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ, ජන සෙවණ නිවාස මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP WW SULOHITHAPURA 1
     
     
    MP WW SULOHITHAPURA 2 2
     
    MP WW SULOHITHAPURA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya