මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ළමා අපයෝජනවල අඩුවීමක්

    අගෝස්තු 02, 2014
    අන්තර්ජාලය හරහා සිදු කරන ළමා අපයෝජනවල මේ වන විට අඩුවීමක් දක්නට ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය පවසයි.ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී මේ බව පැවසුවේ පසුගියදා මාධ්‍යට අදහස් දැක්වීමකට එක්වෙමිනි.

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයේ යෙදෙන පුද්ගලයින් පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් දිගින් දිගටම සොයා බැලීම් සිදු කරන බැවින් එම සිදුවීම්වල අඩුවීමක් දක්නට ඇති බව පැවසූ සභාපතිනිය තවදුරටත් පැවසුවේ, අන්තර්ජාලයේ ළමා අපයෝජනවල යෙදෙන පුද්ගලයින් 2500දෙනෙකු හඳුනාගෙන ඔවුන් හසුකර ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළ බවත්, ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල අඩුවීමක් දක්නට ඇති බවත්ය.
     

    මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිප දෙනෙකු ඉදිරි අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya