මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට බාධා වන ලෙස මැතිවරණ ප්‍රචාරණ සිදු නොකරන්න

    අගෝස්තු 02, 2014
    ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට බාධා වන අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු හා දේශපාලන කටයුතු සිදු නොකරන ලෙස සියලු පක්ෂ අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
     
    එමෙන් ම මේ මස 5 සිට 29 දින දක්වා අපොස උසස් පෙළ විභාගයත්, මෙම මස 17දා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් පැවැත්වෙන හෙයින් එයට බාධාවන කිසිදු කටයුත්තක් නොකරන ලෙසත් දේශපාලන පක්ෂවලින් හා ආධාරකරුවන්ගෙන් හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    නාමයෝජනා භාර දීම සිදුවන අගෝස්තු පස්වන දින හා හයවන දින දෙක තුළදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එම විභාගය පැවැත්වෙන දින දෙකේ දී නාමයෝජනා දීම අවසන්වී තමන්ගේ ශක්තිය පෙන්වීමට අපේක්ෂකයන් රථ පෙළපාළි හෝ වෙනත් ‍පෙළපාළි පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ මේ මස 17 වනදා හෙයින් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවේ දී තීරණය කරගත් පරිදි මේ මස 16 පස්වරු 6.00 සිට 17 වෙනිදා පස්වරු 2.00 දක්වා කිසිදු දේශපාලන කටයුත්තක් කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එකඟ වූ පරිදි කටයුතු කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් හා ආධාර කරුවන්ගෙන් මැතිවරණ කොමසාරිස් වරයා තවදුරටත් ඉල්ලා සිටියි.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya