මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 11වනදා

    අගෝස්තු 02, 2014

    දකුණු කොරියාවේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථාව ලබාදීමේ 12වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රවේශපත් නිකුත් කිරීම ලබන 11වනදා සිදු කෙරේ.


    මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම දින 04ක් පුරා මධ්‍යස්ථාන 14කදී සිදු කරන බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසයි.
     

    කොරියානු රජයේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වේ.

    මෙම විභාගය ලබන ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින පැවැත්වීමට නියමිතය. ධීවර හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පමණක් මෙවර තෝරා ගැනීම් සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.  

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya