මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම හය වන අදියරට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වය

    අගෝස්තු 02, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති 2014 දිවි නැගුම වැඩසටහනේ හය වන අදියර කෘෂිකර්ම අමාත්‍යාංශයේද පූර්ණ දායකත්වය ඇති ව ක‍්‍රියාත්මක කෙරේ.

    එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු හා පලතුරු පිරිසිදුව හා වියදමකින් තොරව තම ගෙවත්තෙන්ම සපයා ගනිමින් නිරෝගී ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මකයි. මේ සඳහා අවශ්‍ය බීජ, පැළ ඇතුළු රෝපණ ද්‍රව්‍ය කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයනු ලැබේ.


    මෙහිදී දිවයිනේ සියලු ම පළාත්, දිස්ත‍්‍රික්ක, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග‍්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ගෙවතු වගාව කෙරෙහි උනන්දුවක් දක්වන ගොවීන් තෝරා ගෙන ඔවුන්ට විවිධ සේවාවන් ලබා දීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව ගෙවත්තේ වගා කිරීම සඳහා වර්ග හතකින් (07) සමන්විත එළවළු බීජ ඇසුරුමක් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇත. එහිදී දේශගුණික කලාප අනුව කරවිල, මෑකරල් හෝ බෝංචි, බණ්ඩක්කා, වැටකොළු, රාබු, නිවිති, තම්පලා, කැරට්, ගෝවා, බීට්, දඹල වැනි එළවළු බෝග වර්ග ගොවීන්ට ලබා දීමට නියමිතය.

    මිරිස්, මාළු මිරිස්, තක්කාලි සහ වම්බටු යන බෝගවලින් බඳුන්වල රෝපණය කරන ලද එළවළු පැළ නවයක් සෑම ප‍්‍රතිලාභියෙකුටම ලබා දීමටත්, සෑම ග‍්‍රාම නිලධාරී වසමකින්ම තෝරා ගනු ලබන ප‍්‍රතිලාභීන් 100ක් අතුරෙන් එක් ප‍්‍රතිලාභියෙකුට ඔවුන්ගේ කමැත්ත පරිදි පලතුරු පැළයක් ලබා දීමටත් මේ වන විටත් සැලසුම් කර ඇත. දිවිනැගුම හය වන අදියර සංකේතවත් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළ තවාන්වලින් ලබා ගත් කතුරු මුරුංගා පැළ ලක්ෂ දහයක් ප‍්‍රතිලාභීන් වෙත ලබා දීමද මීට සමගාමීව සිදු කෙරේ.

    මීට අමතරව ගෙවතු වගාව සඳහා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම හා ගෙවත්තේ තවාන් යෙදීම වැනි විෂය කරුණු ඇතුළත් පත‍්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීමටද අපේක්ෂිතය.එමෙන්ම දිවි නැගුම වැඩසටහන යටතේ පාසල් වතුවල වගා කිරීම සඳහා එළවළු බීජ සහ පලතුරු පැළ ලබා දීම, රාජ්‍ය ආයතනවල සිටුවීම සඳහා පළතුරු පැළ ලබා දීම සහ සිය ගෙවත්තේ සිටුවීම සඳහා රජයේ නිලධාරීන්ට පලතුරු පැළ ලබා දීමටද සැලසුම් කර ඇත.

    ECB/DM_CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya