මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වර්ජනයට මුහුණ දීමට දිවයින පුරා විශේෂ ධාවන සැලැස්මක් - ලංගම සභාපති උපාලි මාරසිංහ

    සැප්තැම්බර් 26, 2019

    මහජනතාව පත්වන පීඩා වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, දුම්රිය වර්ජනයට මුහුණ දීමේ පියවරක් ලෙසින් දිවයින පුරා විශේෂ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, බස් නැවතුම් පොළ ආසන්නව පිහිටි දුම්රිය ස්ථාන හරහා බස් රථ ධාවන කිරීමටත්, මඟීන්ට අපහසුවක් නොවන ආකාරයට බස් රථ සියල්ලම උපරිම ධාවන වාර සංඛ්‍යාවක් යෙදවීමටත්, මහජනතාවගේ පැමිණීම අඩු වැඩි වන අවස්ථා සැලකිල්ලට ගෙන උචිත පරිදි කටයුතු කිරීමටත් ඩිපෝ අධිකාරීවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා පවසන ලදී.

    මේ වන විට දුම්රිය රියදුරු/පාලක/නියමක සහ ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වී සිටී.මෙම වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිත වූ තැපැල් දුම්රිය කිහිපයක් ද අවලංගු කරන ලදී.

    කෙසේ නමුත් අද (26) උදෑසන වන විට කාර්යාල දුම්රිය 06 ක් ධාවනයේ යෙද වී ඇත.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya