මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ලියාපදිංචි ගොවීන්ගේ වගා හානි වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවන්න” - ඇමති පී. හැරිසන්

    සැප්තැම්බර් 26, 2019

    කෘෂි රක්ෂණ මණ්ඩලයෙ හි ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවා දමන ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා උපදෙස් ලබා දී ඇත.

    අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍යංශ ශ්‍රවණාගාර යේ දී ඊයේ (25)පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව අම්පාර, මොණරාගල හා ඇතිමලේ රක්ෂණ වාරික ගෙවූ ගොවින් 3,000 කට මෙම වග හානි මුදල් ගෙවීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ද, එම මුදල් ගොවීන්ට ගෙවීම ප්‍රමාද නොකර සිදු කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙහි දී අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

    මේ අතර සේනා දළඹු වගා හානි වන්දි මුදල් පළමු අදියර ගෙවා අවසන් බවත්, දෙවන අදියර යටතේ ගෙවීමට ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 12,995 ක් වෙනුවෙන් රු. මිලියන 211 ක මුදලක් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 12,254 ක් වෙනුවෙන් රු. මිලියන 208 ක මුදලක් ද ගෙවීමට අවශ්‍ය යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් මෙහි දී වැඩි දුරටත් සඳහන් කර ඇත.

    එමෙන්ම, මෙම සතිය තුළ බීජ කමිටුව කැඳවා රටට අවශ්‍ය බීජ නිෂ්පාදනය හඳුනාගෙන අවශ්‍යතාවය අනුව බීජ නිෂ්පාදනය කිරීමටත්, ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට ක්‍රමවේදයක් සැකසීමට පියවර ගන්නා ලෙසත් මෙහි දී අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    මෙම අවස්ථාව සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසුරිය මහතා, එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක විරසිංහ මහතා සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ශාන්තා විජයරත්න මහත්මිය, කෘෂිකර්ම දදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ගොවි නියෝජිතයින් කිහිපදෙනකු සහභාගී වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya