මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට(26) දින සිට කාළගුණය යහපත් අතට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂකවරිය පවසයි Featured

    සැප්තැම්බර් 25, 2019

    දකුණු පළාතේ ගාල්ල,මාතර  මෙන් ම කළුතර දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100කට ආසන්න ප්‍රමාණයේ වර්ෂාවක් අද (25) දින උදෑසන  8.30 වන විට වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ  අධ්‍යක්ෂ අනුෂා වර්ණකුලසුරිය  මහත්මිය පැවසුවාය.


    අද (25) ආපදා කළමණාකරණ අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවදී අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, අද දිනද  මිලිමිටර් 75ක් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව යි.

    කෙසේ වුවද හෙට(26)  දිනයේ දී මෙහි අඩුවීමක් දක්නට ලැබෙන බවත්, අන්තර් මෝසම් සක්‍රිය විමෙන් අඩු වු වර්ෂා තත්ත්වය නැවත වර්ධනය විමේ හැකියාව ඇති බවත් ඇය සඳහන් කළාය.
    අන්තර් මෝසම සක්‍රිය විමෙන් හවස් කාලයෙ දි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya