අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදා,පොලිස් සහ සහන කණ්ඩායම් වල සහය. Featured

    සැප්තැම්බර් 24, 2019

    ආපදාවන් හා ජලගැලීම් වාර්තා වූ ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව,පොලීසිය ඇතුළු සහන කණ්ඩායම් සහ බේරාගැනීමේ කණ්ඩායම් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයන්ට යොමු‍කොට
    තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද(24) ප්‍රකාශ කලේය.

    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් හට සියලුම මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද ඒ මහතා සදහන් කර සිටියි.

    නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා පානදුර ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී තිබෙන බවත් ගිං ගගේ ජල මට්ටම වැඩිවීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම,තවලම යන ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර තත්වයන් පවතියි.
    එසේ ම දකුණ, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට තව දුරටත් තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත් කලුතර,ගාල්ල,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට පැන වූ නායයාම් අවදානම තවදුරටත් පවතින බව කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේය.
    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා දැනුම් දීම සදහා 117 ලෙස දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya