ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් ජනතාවට සහන සැලසීමට රජයෙන් කඩිනම් පියවර

    සැප්තැම්බර් 24, 2019

    දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතටපත් ගාල්ල, කළුතර, මාතර ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ආපදා සහන කටයුතු කඩිනම් කරමින් විපතටපත් ජනතාවට සහන සැලසීමට රජය පියවර ගනී.

    දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල ගැලීමෙන් හා වෙනත් ආපදාවන්ගෙන් හානියට පත් ගාල්ල, මාතර සහ කළුතර ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පීඩාවටපත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් ආපදා ඒකක හා  ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනම් ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක වන බව රජය අවධාරණය කරයි.

    පසුගිය දිනවල දිවයිනේ දකුණ,මධ්‍යම, බස්නාහිර හා සබරගමුව පළාත්වලට ඇද හැළුණු  ගිගිරුම් සහිත වැසි තත්ත්වයන් යටතේ මි.මි. 200 කට වැඩි වර්ෂාපතනයන් ඇද හැලුණු අතර එම වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආපදාවන්ට ලක් වූ ජනතාවට කඩිනමින් ආපදා සහන කටයුතු ලබා දීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ.

     දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක ග්‍රාම නිලධාරී කාර්යාල 115  ක් ආවරණය වන පරිදි පවුල් 2443 ක් පීඩාවට ලක් වී ඇති අතර එයින් පුද්ගලයන් 9592 කට මේ වන විට ආපදා සහන ලබා දී ඇතැයි ගාල්ල  දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විද්‍යාපතිරණ මහතා අවධාරණය කරයි.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 06 ක් පූර්ණ වශයෙන් හානියට ලක් වී ඇති අතර අර්ධ හානි පත් වූපවුල් 12 ක්ද හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ අර්ධ නිවාස හානි ලැබූ පවුල් 71 ක් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාරික ස්ථාන 22 කට හානි සිදු වී ඇති බවත් මෙම පිරිස සදහා මේ වනවිටත් ආපදා සහන ලබා දී ඇති බව ද හෙතෙම පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පවුල් 996 කට හානි සිදු වී ඇති අතර එයින් පුද්ගලයන් 2416 ක් හඳුනා ගෙන තිබේ. මෙම දිස්ත්‍රික්කයේ ආපදා හානිවලින් පූර්ණ වශයෙන් නිවාස තුනකට හානි සිදු වී ඇති අතර අර්ධ නිවාස හානි 130 ක් වාර්තා වී තිබේ. මෙම දිස්ත්‍රික්කයේ ආපදා හානිවලින් විපතට පත් ජනතාවට කඩිනම් සහන ලබා දීමට රජය පියවර ගෙන ඇති අතර මේ සඳහා දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, ත්‍රිවධ හමුදා හා පොලීසිය  ඇතුළු සහනසේවා නිලධාරීන් මෙම කටයුතුවලට යොදවා ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya