අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ පළමු දිනයේදී පුද්ගලයන් දස දහසකට ප්‍රතිලාභ හිමි වේ Featured

    සැප්තැම්බර් 24, 2019

    බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (23) දින ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ පළමු දිනය අවසන් වන විට ක්‍රියාත්මක කළ වැඩසටහන් මඟින් පුද්ගලයන් දස දහසකට ප්‍රතිලාභ හිමිව තිබේ.

    අද දින ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ ග්‍රාමශක්ති, වකුගඩු නිවාරණ, දරුවන් සුරකිමු, ආහාර සුරක්ෂිතතා, කෘෂිකර්ම, සහ ස්මාර්ට් ශ්‍රී ලංකා යන වැඩසටහන්, සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළම ක්‍රියාත්මක විය.

    ඌව පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කළ සමාජ සංවර්ධනය , ප්‍රජා සංවර්ධනය, අධ්‍යාපන සහ ග්‍රාම සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සංවර්ධනය යන වැඩසටහන්වලට මෙන්ම රේඛීය අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට ද ඉහළ ජනතා සහභාගිත්වයක් පැවතුණි.

    ඉඩම් පිළිබඳ ජංගම සේවා හා බැංකු හරහා ණය ලබාදීම ද අද දිනය තුළ ක්‍රියාත්මක කළ වැඩ සටහන් අතර විශේෂත්වයක් ගනී.

    බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් සියයට 60ක් පමණ ආපදා සහ නායයාම්වලට ලක්විය හැකි බවට අනාවරණය වී ඇති හෙයින් එවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද සිදුවන අතර ඉදිරියටත් එම දැනුවත් කිරීම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

    සමස්තයක් වශයෙන් ගත්කල අද දිනය තුල ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ඉහළ සාර්ථකත්වයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය. ඉදිරි දින 4 තුල සැලසුම්සහගතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ලේම පිහිටි ග්‍රාමසේවා වසම් සියල්ලම ආවරණය කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මේ වනවිටත් මහජනයා හොඳින් දැනුවත්කර ඇති නිසා ඉහළ ජනතා සහභාගිත්වයක් ඉදිරි දිනවලදී ද ඉතා හොඳින් ලැබෙන බව දිස්ත්‍රික් ලේකම්තුමිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya