මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික කිරිපිටි මෙන්ම සියලුම අයිස්ක‍්‍රීම් වර්ගද අඛණ්ඩවම පරීක්ෂාවට

    අගෝස්තු 02, 2014
    ආනයනික කිරිපිටි මෙන්ම සියලුම අයිස්ක‍්‍රීම් වර්ගද අඛණ්ඩවම පරීක්ෂාවට  ලක් කිරීමට පසුගිය (31) රැස්වූ ආහාර උපදේශක කමිටුව තීරණය කරයි.
     
    වෙළඳපොළේ පසු ගිය කාලය තුළ අලෙවි කරන ලද අයිස්ක‍්‍රීම්වල ඩී.සී.ඩී. නමැති විෂ රසායනිකය අන්තර්ගතව තිබූ බවට කාර්මික තාක්ෂණික ආයතනය විසින් ලබා දෙන ලද වාර්තාවක ඇතුළත් වී තිබිණි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවේ හදිසි රැස්වීමක් කැඳවනු ලැබීය.

    ආහාර උපදේශක කමිටුව විසින් අයිස්ක‍්‍රීම් සහ ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් තීරණ කිහිපයක් මෙහිදී ගනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.ඒ අනුව ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී. පිළිබඳ පරීක්ෂණ තව දුරටත් අඛණ්ඩව ම සිදු කිරීමටත්, එමෙන්ම අයිස්ක‍්‍රීම්වල ඩී.සී.ඩී. ඇත්දැයි සොයා බැලීමට සිදු කරන පර්යේෂණද කාර්මික තාක්ෂණික ආයතනය හරහා අඛණ්ඩව සිදු කිරීමටද තීරණය කරන ලදී.

    කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මගින් ලබා ගන්නා ලද අයිස්ක‍්‍රීම් සාම්පල හයක්  මේ වන විට කාර්මික තාක්ෂණික ආයතනය වෙත අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ. එමෙන්ම තව දුරටත් අයිස්ක‍්‍රීම් සාම්පල ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ආහාර උපදේශක කමිටුව උපදෙස් දී ඇත. තවද අයිස්ක‍්‍රීම් නිපදවන ප‍්‍රධාන ආයතන ඇතුළු සියලු ම ස්ථාන වහාම හදිසි පරීක්ෂාවකට ලක් කිරීමටද තීරණය විය.

    මෙම කටයුතුවලට අවශ්‍ය උපදෙස් සැපයීම සඳහා විශේෂ තාක්ෂණික උපදේශක කමිටුවක්ද පසුගිය (31) පත් කරන ලදී.පසු ගිය කාලය තුළ ඩී.සී.ඩී. පරීක්ෂණ කටයුතු අවසන්වන තෙක් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවා තිබූ සහ පසුව විනාශ කළ කිරිපිටි තොග සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවද මෙහිදී ආහාර උපදේශක කමිටුවට බාර දෙනු ලැබීය.
     
    ECB/DM_cmu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya