මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු සහ නිරිතදිග වෙරළේ මුහුදු රළවල උස වැඩි විය හැකියි

    අගෝස්තු 02, 2014

    (sinhala.news.lk) අද (02) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන අනෙක් මුහුදු  ප්‍රදේශවල ද තැන් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක. දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන වෙරළට ගසන රළවල උස තරමක් වැඩි වීමට ඉඩ ද ඇත.


    පුත්තලම  සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya