අද (02) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක.
අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම කඳුකරයේ සහ දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී අනෙක් පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මන්නාරම සහ යාපනයට ද වැසි ඇති විය හැක.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.6°C පොලොන්නරුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3°C නුවරඑළියෙන් ද මි.මී. 62.5ක උපරිම වර්ෂාපතනය කටුනායක ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC