අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජූලි මාසයේ උද්ධමනය 4.7%යි

    අගෝස්තු 01, 2014
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ  මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, වාර්ෂික සාමාන්‍ය පදනම මත, අඛණ්ඩව 14 වැනි මාසයටත් පහත වැටෙමින් 2014 ජූනි මාසයේ පැවති 4.9% සිට ජූලි මාසයේ දී 4.7% දක්වා තවදුරටත් පහත වැටී ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.


    පසුගිය මාසයේදී 2.8%ක්ව පැවති ලක්ෂ්‍යමය උද්ධමනය, ආහාර අයිතමයන්හි මිල ගණන් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස 2014 ජූලි මාසයේදී 3.6% දක්වා ඉහළ ගිය ද වසර තුළ මේ දක්වා පහළ තනි ඉලක්කමක මට්ටමක පැවතිණි. 

     

    සමස්තයක් ලෙස ආහාර නොවන කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ස්ථාවරව පැවතීම 2014 ජූලි මාසයේ උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට දායක වී ඇත. මේ කාණ්ඩය තුළ නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන යන උප කාණ්ඩයෙහි මිල ගණන් පහළ වැටුණු අතර විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයෙහි මිල ගණන් ඉහළ ගියේය. රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික හා අධ්‍යාපන යන අනෙක්තු සියලුම උප කාණ්ඩයන්හි මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව 2014 ජූලි මාසයේදී නොවෙනස්ව පැවතිණි.

     

    කො.පා.මි. දර්ශකයෙහි මාසික ඉහළ යාමට (1.0%) ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී ඇත. ආහාර කාණ්ඩය තුළ එළවළු වර්ග බොහොමයක සාමාන්‍ය මිල ගණන් ඉහළ යාමට  මාසය තුළ දී ප්‍රධාන නිෂ්පාදනවලට බලපෑ නියං තත්ත්වය හේතු විය. ඍතුමය සාධක හේතු කොට ගෙන නැවුම් මත්ස්‍ය හා කරවල වර්ග බොහොමයක මෙන් ම බිත්තර, ලොකු ලූනු සහ අමු මිරිස් මිල ගණන් ද ඉහළ ගිය අතර පලතුරු වර්ග කිහිපයක මිල ගණන් පහත වැටුණි.


    සමස්ත ඉල්ලුමෙහි විචලනයන්ට ප්‍රතිචාර දක්වන මූලික උද්ධමනය, පසුගිය මාසයට සාපේක්ෂව 2014 ජූලි මාසයේදී සුළු වශයෙන් ඉහළ නැගුණි. ඒ අනුව ලක්ෂෂ්‍යමය හා වාර්ෂික සාමාන්‍ය පදනම මත මූලික උද්ධමනය 2014 ජූනි මාසයේ දී වාර්තා වූ පිළිවෙළින් 3.5%ක් හා 3.0% සිට 2014 ජූලි මාසයේදී පිළිවෙළින් 3.7% සිට 3.1%ක්වා ඉහළ නැඟුණු බවත් මහ බැංකුව නිවේදනය කරයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya