මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 08යි ඇමතුම් ලක්‍ෂ 80යි

    අගෝස්තු 01, 2014

    rotary-bluetooth-phone

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 08 තුළදී මහජන ඇමතුම් ලක්‍ෂ 80ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.


    මෙම ඇමතුම් ප්‍රමාණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙනි.රාජ්‍ය  ආයතන විස්සකට අදාළ තොරතුරු ලබා දෙමින් ආරම්භ වු රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මේ වන විට ආයතන තුන්සියයකට අයත් සේවාවන් දෙදහසක් පමණ ලබා දීමට සමත් වී තිබේ.

    www.gic.gov.lk ‍රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවියෙහි අන්තර් ගත තොරතුරුද මේ වන විට පුළුල් වී තිබෙන අතර, රාජ්‍ය ආයතනයකින් පුරවැසි සේවාවන් ලබා ගැනීම සඳහා අවශ්‍යය අයදුම්පත් භාගත කර ගැනීම, මහජන පැමිණිලි යොමු කිරීම රාජ්‍ය ඉ-සේවා ලබා ගැනීම සඳහා උපකාරක සේවා සැපයීම එම පහසුකම් අතර වේ.

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ගව් එස්.එම්.එස්. නමින් කෙටි පණිවිඩ සේවයක්ද මේ වන විට ක්‍රියාත්මක අතර, දුම්රිය ධාවන කාලසටහන් තොරතුරු, තේ මිල ගණන් තොරතුරු, මාළු මිල ගණන්, ජලාශවල ජල මට්ටම් රැඳවුම් තොරතුරු ආදී තොරතුරු රැසක් කෙටි පණිවිඩයක් මගින් දැන ගැනීමේ පහසුකම මහජනතාවට මේ වන විට ලැබී තිබේ.


    ජනතාව වැඩි වශයෙන් ම ඇමතුම් ලබා දී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව යන ආයතනවල තොරතුරු දැන ගැනීම සඳහා ය.

    2014 එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාව මගින්ද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය විශේෂ ඇගයීමට ලක්ව තිබීම විශේෂත්වයකි.රාජ්‍ය ආයතන මගින් සැපයෙන සේවාවන් පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2006 වසරේදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ආරම්භ කෙරිණි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya