මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගරු සභාගී සම්මානයෙන් ” විමල් වීරවංශ ඇමති පිදුම් ලබයි Featured

    අගෝස්තු 01, 2014

    vimalweerawanshaජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආයතනය වන “ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය” මඟින් 2014 වර්ෂය සඳහා පිරිනමන “ගරු සභාගී සම්මානයෙන්” ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර  පිදුම් ලැබීය.

    එම සම්මානය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති සුනිල් වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.පුරා වසර 64 කට වඩා දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සෑම වර්ෂයකදීම තෝරාගත් එක් විශිෂ්ට පුද්ගලයෙක් වෙත වාර්ෂිකව මෙම “ගරු සභාගී සම්මානය”  පිරිනැමීම සිදුකරයි.

    ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මීට ඉහතදී මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය ලෙස්ට ජේම්ස් පීරිස්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, කලාවේදී ඩී. බී. නිහාල්සිංහ යන ප්‍රවීණයෝද ඒ අතර වෙති.

    මෙම සම්මානය සඳහා දේශපාලඥයෙකු තෝරාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. විමල් වීරවංශ අමාත්‍යවරයා දේශපාලඥයෙකුට අමතරව මාධ්‍යවේදියෙකු, ගීත රචකයෙකු, ග්‍රන්ථ රචකයෙකු වශයෙන් දැක්වූ කුසලතාව හා ඒ මහතා රට වෙනුවෙන් කළ මෙහෙවර මෙම සම්මානය සඳහා  තෝරාගැනීමට හේතු වී තිබේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ විධායක අධ්‍යක්ෂ හර්ෂ මධුරංග, එහි මුදල් අධ්‍යක්ෂ මංගල එදිරිසිංහ, එහි අධ්‍යක්ෂ ලේඛකාධිකාරී එල්.බී.එස්.එස්. බාලසූරිය, අධ්‍යක්ෂ සමාජ සේවා තිනේෂා එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya