මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විරුවන් වෙනුවෙන් ගත් තීරණ කවුරු මොනවා කිව්වත් වෙනස් වෙන්නේ නෑ

    අගෝස්තු 01, 2014

    තමන් අමාත්‍යාංශය දරණ කාලය තුළ ගත් තීරණ කිසිදු අයුරකින් ආපසු නොගන්නා බවත්, විශේෂයෙන් රට විරු දු දරු රැකවරණය වෙනුවෙන් සියලු සුබසාධන කටයුතු සපුරාලන බවත්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය (30) බදුල්ල, හාලිඇළ රට විරු දූ දරු රැකවරණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, කොරියානු  රැකියා ලාභීන් ගේ විශ‍්‍රාම වැටුපට කිසිදු පුද්ගලයෙකුට තමන්, අත තැබීමට ඉඩ දෙන්නේ නැති බව ද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

     
    මෙහිදී වැඩිදුරට අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ, “දිවා සුරකුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අරමුණ වන්නෙ දු දරුවන් පාසල් කාලයෙන් පසුව ගත කරන  කාලය ඔවුන්ට ඵලදායි ලෙස යෙදවීමයි. එය මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන අතර, ළමුන්ගේ සාමුහික ක‍්‍රියාකාරකම් වර්ධනය කිරීමත්, සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ නංවාලීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම රට විරු දූ දරු රැකවරණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ විශේෂ කරුණ වන්නේ පාසල් කාලය නිම වී සවස් කාලය දක්වා දරුවන්ට රැකවරණය ලබා දීමයි. මෙහි කටයුතු ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ. එමෙන් ම ඉංග‍්‍රිසි, දෙමළ, සිංහල භාෂා දැනුම පළ පුරුදු ගුරුවරු යටතේ දරුවන්ට ලබා දෙන අතර ම ඔවුන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිගණක පුහුණුව ද මෙහිදී ලබා දෙනවා.”
     

    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින්  දීප ව්‍යාප්තව රට විරු දූ දරු රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවන්න තමන් කාර්යංශයට උපදෙස්  ලබා දුන් බව ද, අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය. මෙහි  පළමු පියවර වශයෙන්  බදුල්ල, හාලිඇළ ජාතික පාසලේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් පැහැදිලි වන බව පෙන්වා දෙනු ලැබීය. අමාත්‍යවරයා එහිදී තව දුරටත් සඳහන් කළේ, ස්විට්සර්ලන්ත සංවර්ධන ආයතනයේ ආධාර ඇතුව මෙම මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි. අමාත්‍යංශ ලේකම් කර්නල් නිශ්ශංක, එන්. විජේරත්න, හිටපු පළාත් සභා මන්ත‍්‍රී නිලමේ වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටීයහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya