මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති APOT- Asia සභාපති ධූරයට පත්වෙයි Featured

    අගෝස්තු 01, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙම මස සිට APOT-Asia (Asia Pacific on-board Travel) සංවිධානයේ සභාපති ධූරයට පත්ව ඇත.

    එම තනතුර සඳහා පත් වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වන්නේ ඒ මහතා වීම විශේෂත්වයකි.

    නව සංචාරක කලාප බොහොමයක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT-Asia සංවිධානය හඳුන්වා දිය හැක. එහි ගුවන් සේවාවන් හි අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන්, ගුවන් සේවා ආහාර පාන සපයන්නන්, ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන්, ගුවන් සේවා කළමනාකරුවන්, සත්කාරක පාර්ශවකරුවන් සහ මාධ්‍ය  සංවිධාන යනාදිය මෙහි සමාජිකත්ව ජාලයට ඇතුළත් වේ.


    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කලාපයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආයතනයක් වන APOT-Asia සංවිධානයේ සභාපති වීම ඉතා ගෞරවයක් ලෙසින් සලකන බවයි. සැබවින් ම මෙය පෞද්ගලික  ජයග්‍රහණයක් හෝ ගුවන් සමාගම තනිව ලබාගැනීමක් පමණක් ම නො ව මෙය මුළු රටේ ම සාමුහික ප්‍රයත්නයන් ගෝලීය වශයෙන් පිළිගත් අවස්ථාවක් බවද හෙතෙම පෙන්වා දුන්හ. එසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇපකැප වී කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    APOT-Asia සංවිධානය කලාපයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විවිධ පාර්ශවකරුවන් දායක කර ගනිමින් සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් ව්‍යාපාර හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීමටද කටයුතු කරන සංවිධානයකි. මෙමගින් නව සංචාරක අභිවෘද්ධිය සඳහා වන මූලික අදහස් හා දැනුම හුවමාරු කර ගන්නා අතර, ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සංචාරක පැමිණීම් සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබයි.

    මෙම වසරේ  වියට්නාමයේ  Danangහි දී පැවැත්වූ මෙහි ප්‍රධාන සමුළුවේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ද එහි ආරාධිත කථිකයන් අතර සිටි අතර එහිදී ලබන වසරේ APOTසංවිධානයේ ප්‍රධාන සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා සම්භාවනීය ආරාධිතයින් 250ක් සහභාගී වීමට නියමිතව ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රට සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා මෙය උපයොගී කර ගැනීමට අවස්ථාව සැලසෙන බවට තමන් විශ්වාස කරන බවයි. එසේම ඕනෑම වර්ගයේ සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා  ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් සේවා සැපයීමට හැකිවනු ඇති බවද ඒ මහතා  පැවසීය.



    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රී ලංකන් කේටරින්ස් හි සභාපති ධූරයට නිශාන්ත වික්‍රමසිංහ මහතා 2009 වසරේදී පත් වූ අතර, එතැන් පටන් ගුවන් සමාගම ඉදිරියට ගෙනයාම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන රජයේ දැක්මට අනුව ගුවන් සමාගම සංචාරක සංවර්ධන වැඩසටහන් සමඟ ඉදිරියට ගෙන යාමටත්, ගුවන් සේවා මෙහෙයුම් ව්‍යාප්ත කරමින් හා සැලසුම් වැඩි දියුණු කිරීම ඔහුගේ වගකීම හා කාර්යභාරය විය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට සම්මාන රාශියකට පාත්‍ර වී තිබේ. සුව පහසු ආරක්ෂාව, නම්‍යශීලි බව, කාර්යක්ෂම බව සහ කාලානුගතිකත්වය යන ආදීය සඳහා ගෝලීය වශයෙන් කීර්ති නාමයක් උසුලන ගුවන් සමාගමකි. 1979 වර්ෂයේදී  ආරම්භ කරන ලද ශ්‍රී ලංකන් ගුවන් සමාගම  සිය නිෂ්පාදන හා සේවා ව්‍යාප්ත කරමින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල සහයෝගයක් ලබා දීමට කටයුතු කරනු ලබයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටපළ කේන්ද්‍රස්ථානය කර ගනිමින් ගෝලීය ගුවන් ගමන් ජාලයට අයත් රටවල් 44ක ගමනාන්ත 89ක් දක්වා එහි සේවාවන් ව්‍යාප්ත කර  තිබේ. එහිදී යුරෝපය, මැද‍ පෙරදිග, දකුණු ආසියාව, දකුණු නිරිත දිග ආසියාව, ඈත පෙර දිග, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ අප්‍රිකාව ඊට ඇතුළත් ය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේ මැයි මස 1 වෙනි දා සිට ගුවන් ක්ෂේත්‍රයේ සියලු ම සේවා හා ප්‍රතිලාභයන් සම්පූර්ණ කරමින් ගෝලීය ගුවන් සන්ධානය හා One world Global Alliance එක් වන ලදී. වන්වර්ල්ඩ් හා එක්වූ  ඉන්දියානු උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සමාගම වන්නේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. ඒ සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා වන  කැතේ පැසිෆික්, ජපෑන් එයාර්ලයින්ස්, මැලේසියා එයාර්ලයින්ස්, කොන්ටාස්, යුරෝපයේ එයාර් බර්ලින්, බ්‍රිටිෂ් එයාර් වේස්, ෆින් එයාර්, අයිබීරියා සහ රුසියාවේ එස් 7 එයාර්ලයින්ස් සහ මැද පෙරදිග ගුවන් සේවා වන කටාර් එයාර්වේස්, රෝයල් ජෝර්ඩාන් මෙන්ම ඇමරිකන් එයාර් ලයින්ස් මාර්තු මස 31 වෙනි දා එක්විය. උතුරු ඇමරිකාවේ US එයාර්වේස් සහ ලැන් සහ දකුණු ඇමරිකාවේ ටෑම් ඇතුළු ලොව ප්‍රමුඛත ම ගුවන් සේවා එහි සාමාජිකත්වය හිමිකරගෙන තිබේ. මේ හරහා ගෝලීය ගුවන් ගමන් ජාල 1000ක් සඳහා රටවල් 150කට සේවා‍ සැපයීමට හා ලෝකයේ ප්‍රමුඛ ව්‍යාපාර මධ්‍යස්ථාන හරහා පළමු පෙළ ගමනාන්ත සිදුකර ගැනීමටද අවස්ථාව සැලසී තිබේ. එසේම ෆ්ලයි ස්මයිල් සාමාජිකයින් සඳහා ලෝකයේ ගුවන් තොටුපළවල් 500 කට අධික විවේකාගාර පහසුකම් භාවිත කිරීමට හැකියාව ලැබී ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya