මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා කාර්යාංශ මධ්‍යස්ථාන ISO සහතිකයෙන් පිදුම් ලබයි

    අගෝස්තු 01, 2014
    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් හා දිස්ති‍්‍රක් කාර්යාල සියල්ලමත්, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානත් මහජන හිතකාමී සේවා ආයතන ලෙස ISO 9001 : 2008 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා තිබේ.
     
    මෙම සහතිකය නිල වශයෙන් පිරිනැමීම අද (01) සවස 5.00 ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් තලවතුගොඩ ග‍්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී පැවැත්වේ.
     
    ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ කාර්යාංශයේ පළාත් කාර්යාල වන අනුරාධපුර, බදුල්ල, නුවර, කුරුණෑගල, මාතර, රත්නපුර සහ වවුනියා කාර්යාලයන් මෙහිදි අමාත්‍යවරුන් අතින් පිදුම් ලබයි. 
     
    මෙයට අමතරව කාර්යාංශයේ දිස්ති‍්‍රක් හා පුහුණු මධ්‍යස්ථාන ද ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. එනම් අම්පාර, මඩකළපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, කඩවත, කල්මුනේ, නුවර, කෑගල්ල, කුරුණෑගල, මතුගම, මීගොඩ, මීරිගම, පන්නිපිටිය, රත්මලාන, රත්නපුර, තංගල්ල, ති‍්‍රකුණාමලය, ගුවන් තොටුපොළ ඒකකය හා බත්තරමුල්ල ශාඛා කාර්යාලය ද වේ. 
     
    මීට අමතරව 2014 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ දී ත්‍රෛභාෂා ජාතික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම නිසා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් පිරිනැමූ සම්මානය නිල වශයෙන් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරේ. 
     
    ජාතික කාන්තා ලීග් වොලිබෝල් ශූරතාව දිනූ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාන්තා කණ්ඩායමට උපහාර පිරිනැමීම හා කාර්යාංශයේ විශිෂ්ට සේවකයින්ට උපහාර පිරිනැමීම ද මෙහිදී සිදුකෙරේ.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කර්නල් නිශ්ශංක එන්. විජේරත්න, කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya