මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාව නිර්දය ලෙස අභියෝගයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි Featured

    අගෝස්තු 01, 2014

    ATRS නමැති සංගමය මගින් වාර්ෂිකව පළ කරනු ලබන වාර්තාවක් නිවැරදි නොවන ලෙසට උපුටා දැක්වීම සහ අර්ථ නිරූපණය කිරීම මගින් පසුගිය දිනයන්හිදී විවිධ ජනමාධ්‍ය ඔස්සේ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කාර්යක්ෂමතාව නිර්දය ලෙස අභියෝගයට ලක් කරනු ලැබීම ඉතාමත් නුසුදුසු ක්‍රියාවක් වන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසසූරිය මහතා පැවසීය.

    සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පස්වරුවේ මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

    එහිදී සභාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ මෙම වාර්තාව එකී සංගමය විසින් ආසියාවේ ගුවන්තොටුපළ 37ක නියැදියක් අනුසාරයෙන් සිදු කළ විශ්ලේෂණයක් පදනම් කර ගෙන පළ කොට ඇති බවයි. එමෙන් ම ඒ සඳහා භාවිත කළ ක්‍රමවේදයන් ද එම වාර්තාවේ ම අඩංගු අතර, එමගින් එකී ගුවන් තොටුපළ සම්බන්ධව ස්ථානගත කිරීම් 02ක් සිදුකොට ඇති බවද පෙන්වා දුන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එහිදී මිල තරගකාරිත්වය මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07වන තැනද, ඵලදායීතාව මත 25වන තැනද ලබා ඇති බවයි. ඵලදායීතාව මත ස්ථානගත කිරීමේදී, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවදිල්ලිය, මුම්බායි, චෙන්නායි, ජපානයේ හනීඩා සහ තායිවානයේ තායිපේ යන ගුවන් තොටුපළවලට ඉහළින් ස්ථානගත වී ඇති බව පැවසූ සභාපතිවරයා පැවසුවේ, මෙම වාර්තාවේ ම අඩංගු මිල තරගකාරීත්වය මත සිදු කරන ස්ථානගත කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07වන තැන හිමිවී ඇති බව මෙම මාධ්‍ය ප්‍රචාර තුළින් ප්‍රමාද දෝෂයකින් හෝ ගිලිහී ගොස් ඇති බවයි. එහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසියාවේ නමගිය ගුවන් තොටුපළවල් වන ජපානයේ නරීටා, සිංගප්පුරුවේ චංගි සහ දකුණු කොරියාවේ ඉන්චියෝන් ගුවන් තොටුපළවලට වඩා ඉදිරියෙන් සිටින බවද එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    අභිනව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ආරම්භ කිරීම ඇතුළුව ගුවන් සේවා ක්ෂේත්‍රයේ විවිධ සංවර්ධන කටයුතු සිදු වන සහ වේගවත් ඉදිරිගාමී මාවතකට යොමු වෙමින් කලාපීය මෙන්ම ලෝකය තුළ කාර්යක්ෂම ගුවන් සේවා සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාව ඉස්මතු වෙමින් පවතින අවස්ථාවක මෙවැනි අර්ථ නිරූපණ තුළින් රටේ සමස්ත ගුවන් සේවා කර්මාන්තයට ම ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලු දෙනාම සැලකිලිමත් විය යුතු බවද එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගයන ප්‍රමුඛ ආයතන ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා ආයතනය ( ICAO), ස්කයිට්‍රැක්ස් (SKYTRAX) ආයතනය වැනි ආයතන මගින් සිදුකරන ඇගයීම් සහ ස්ථානගත කිරීම්වල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිරතුරුව ම ඉහළින් ස්ථානගත කොට ඇති බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya