මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියානු ආරක්ෂණ වැඩසටහනෙහි වෙනසක් නැහැ

    අගෝස්තු 01, 2014
    දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් වෙනුවෙන් එම රජය පවත්වාගෙන යන සමාජ ආරක්ෂණ වැඩසටහන "කුක්මින්" කිසිසේත් වෙනස් කර නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
     
    දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක "කුක්මින්" විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ කිසිදු වෙනසක් කර නොමැති අතර එය පෙරපරිදිම කි‍්‍රයාත්මක වේ.
     
    "කුක්මින්" විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යටතේ යම් ශ‍්‍රමිකයෙකු කොරියාවේ නියමිත කාලය සේවය කර යළි මව්බිමට පැමිණීමට පෙර, නියමිත පරිදි එම විශ‍්‍රාම වැටුප් ඉල්ලුම් කිරීමෙන් අනතුරුව, ඔහු හෝ ඇය කොරියාවේ ගුවන් තොටුපොළකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර, එම ශ‍්‍රමිකයාට හිමි ප‍්‍රතිලාභය සම්පූර්ණයෙන්ම ආපසු ලබා ගත හැකිය.
     
    මේ පිළිබඳ ව පවතින අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු රැකියාලාභීන් වෙත දැනුම් දෙයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya